Govi-Nena
Real Time Mobile-based information system to achieve
Food Security for the country
23/07/2026
WIDYA Ruhuna GoviNena ඇප් එක අදම download කරන්න.
➡️ Play Store හරහා
https://play.google.com/store/apps/details?id=com.govinena.app
➡️ App Store හරහා
https://apps.apple.com/lk/app/widya-ruhuna-govinena/id1527128861
👉 ගොවිනැණ වගා සමූහයට සම්බන්ධ වීමට,
https://www.facebook.com/share/g/16XLTzGopm/?mibextid=wwXIfr
23/07/2026
විද්‍යා රුහුණ ගොවි නැණ ජංගම යෙදුම හඳුන්වාදීම සහ කෘෂි ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමා විය 🌱
කෘෂි ව්‍යවසායකයින් වර්තමානයේ මුහුණ පා සිටින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම, විද්‍යා රුහුණ ගොවි නැණ ජංගම යෙදුම හඳුන්වා දීම හා එය භාවිත කරන ආකාරය පිළිබඳ පුහුණුවක් ලබා දීම, එමෙන්ම ගල්ගමුව ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජිත අස්වනු එකතු කිරීමේ මධ්‍යස්ථානය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් "විද්‍යා" (WIDYA) ආයතනය මගින් සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.07.21 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාලුකඩවල ගොවි සංවිධාන කාර්යාලයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් සංවිධානය කෙරුණු අතර, පාලුකඩවල ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම සංවර්ධන නිලධාරී, ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරුන් වන උදේනි හා සුදේශ් මහත්වරුන්,Smallhoder Agribusiness Resilience Project( SARP )හි අනුර දිසානායක මහතා, සුනිල් විජේසේකර මහතා, එලායන්ස් ෆිනෑන්ස්(Alliance Finance) සමාගමේ සහ මහජන බැංකුවේ (කුරුණෑගල හා ගල්ගමුව ශාඛා) නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙයට කෘෂි ව්‍යවසායකයින් 27 දෙනෙකු සහභාගී වූ අතර, අපේක්ශිත මිල ගණන් නොලැබීම, ගැනුම්කරුවන් සොයා ගැනීමේ අපහසුතා, නිසි වෙලාවට පොහොර නොලැබීම, වගාවට උචිත ලෙස වෙළඳපොළ තොරතුරු නොමැතිකම සහ වන අලි උවදුර වැනි ගැටලු පිළිබඳව විවෘත සාකච්ඡාවක් සිදු කෙරුණි. එමෙන්ම ඉදිරි වැඩසටහන් සඳහා නායක ගොවීන් 08 දෙනෙකු හඳුනා ගැනීමටද හැකි විය.
ගොවි නැණ ජංගම යෙදුම හරහා ගොවීන්ට කිසිදු ගාස්තුවකින් තොරව සෘජුව ගැනුම්කරුවන් හා සම්බන්ධ වීමට, හොඳම මිල ගණන් ලබා ගැනීමට හා වෙළඳපොළ තොරතුරු වේලාවට ලබා ගැනීමට හැකි වේ.
ඉදිරියේදී මෙම ප්‍රදේශයේම තවත් ගම්මාන සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට "විද්‍යා" ආයතනය බලාපොරොත්තු වේ.
#ගොවිනැණ
මයික්රොග්රීන්ස් සැකසීම
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Matara