07/09/2026
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබෙන මෙම උඩුගම්පොළ ප්‍රදේශය අතීතයේ ලංකාවේ කීර්තිමත්ම රාජධානියක් ව පැවත තිබෙනවා. නිදහස ලැබීමට පෙර මෙය උඩුගම්පොළ රාජධානිය ලෙස නම්කර තිබීම විශේෂ කාරණයක්.
මෙහි ඉතිහාස කතාව කෝට්ටේ රාජධානිය දක්වා දිවයන්නකි.15 වන සියවස මුල්කාලයේදී කෝට්ටේ අගනුවර බවට පත්විය. ක්‍රි.ව 1415 වන විට හයවන පරාක්‍රමභාහු රජතුමා විසින් කෝට්ටේ රාජධානිය පාලනය කර අතර ඔහුගේ අභාවයෙන් පසුව ඔහුගේ පුත් අටවන වීර පරාක්‍රමභාහු 1484 දී රජවිය. ඔහුගේ රජකාලය 1484 – 1508/1509 ලෙස ඉතිහාස මූලාශ්‍ර වල සදහන් වේ. අලකේශ්වර යුද්ධය නැමැති ග්‍රන්තයට අනුව අටවන වීරපරාක්‍රමභාහු රජුට කුමාරවරුන් 5 දෙනෙකු විය.
කෝට්ටේ රාජධානියේ සුවිශේෂීත්වයක් වූයේ පවුලේ මෙම කුමාරවරුන්ට පිළිවෙලින් ප්‍රධාන රාජ්‍ය කොටස් වලට බෙදා දී උප රාජධානි ලෙස පරිපාලන කටයුතු සිදුකිරීමයි. මේ අනුව සකලකලා වල්ලභ කුමරුන් හට ගම්පහ ප්‍රදේශයේ උඩුගම්පොළ උප රාජධානියේ පාලනය භාර දී තිබින.
උඩුගම්පොළ රාජධානියේ එකළ සීමාවන් මෙසේය, උතුරින් කැළණි ගගද, දකුණින් මාඔයද, බටහිරින් සාගරයද, නැගෙනහිරින් සබරගමුව සහ බටහිරින් මායිම් කරන කදු වැටිය දක්වාත් විහිද ගොස් තිබින.
උඩුගම්පොළ රාජධානියේ රජමාලිගය පැවති ස්ථානය අද දින වන විට උත්තරාරාම පුරාණ විහාරය - මාලිගාගොඩැල්ල පිහිටා තිබේ. එම රාජධානි සමයේ දිවුරුම් දුන් බෝධිය අදටත් විරාජමානව අස්වාන දේවාල භුමියේ වැඩසිටි. එම කල්හි රාජසභාව පැවැත්වු ස්ථානය අදදින වන විට උඩුගම්පොල ශ්‍රී සුධර්මාරාමය හෙවත් සභාවේ පන්සල ලෙස ප්‍රසිද්ධව පවති.
සම්පුර්ණ ලිපිය කියවීමට පිවිසෙන්න මිනුවන්ගොඩ වෙබ් අඩවියට. https://sl1nk.com/y84hszl
සැකසුම - දේශබන්ධු, දේශශක්ති, දේශකීර්ති දර්ශන චතුරංග
මිනුවන්ගොඩ පුරවරයේ පිලිබඳව පවතින ඉතිහාස කතා, විත්ති, කටවහර සියළුම තොරතුරු එකතු කර සකස් කරන ලද සම්පුර්ණ ලිපිය වෙබ් අඩවියෙන් ඔබට කියවිය හැක.